14 හැවිරිදි බාලවයස්කාර දැරියක් සති දෙකක් තුල තරුණයන් දෙදෙනෙකු සමග පළාගොස් පෙම් සුව විඳි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අරණායක පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සැකකාර තරුණයන් දෙදෙනා ද අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම දැරිය පසුගිය මස 22 වනදා 19 හැවිරිදි තරුණයකු සමග ගොස් එප්පාවල ප්‍රදේශයේ සැගවී සිටියදී අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව ඔවුන් දෙදෙනා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 16 හැවිරිදි සැකකාර තරුණයා පසුගිය 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුනා. 31 වන දින ඔහු ඇප මත නිදහස් කර තිබු බව සඳහන්. තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ඇය දුෂණයට ලක්ව ඇති බවටයි හෙළිවී ඇත්තේ.
මෙම සිද්ධියෙන් පසු යළි නිවසට පැමිණි තරුණිය 19 හැවිරිදි තරුණයකු සමග පැනගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලැබුනු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
අරණායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Sunday, June 5, 2016
සති 2ක් තුල කොල්ලෝ දෙන්නෙක් එක්ක පැනලා ගිය කෙල්ලෙක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment