පසුගිය දින කිහිපයෙහි පෞද්ගලික විදෙස් සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අද (05) යලි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ඇය බරපතල හෘදයා බාධයකට ලක්ව විදෙස් රටක රෝහල් ගතකර ඇති බවත්, ඇයගේ ජීවිතය අවදානම් බවටත් පසුගිය දින කිහිපයෙහි වෙබ් අඩවි වලින් පුළුල් ප්‍රචාරයක් දියත්කර තිබිණ. ඒ පුවත සම්බන්ධයෙන් ජාතික මාධ්‍ය පවා විමසිලිමත්ව සිටියේය.
පසුගිය දින කිහිපයෙහි ප්‍රංශයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිනිය, මේදිනවල නිල සංචාරයක නිරතව සිටින මංගල සමරවීර මහතාව ද පැරිස් නුවරදී හමුව තිබේ.
පැරිස් සංචාරයෙන් පසු ලන්ඩන් නුවරට ගොස් ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අද දිනයේ යලි ලංකාවට ඒමට නියමිත බව මංගල සමරවීර අමත්‍යවරයා වෙබ් අඩවියකට ප්‍රකාශ කර ඇත.
Sunday, June 5, 2016
හෘදයා බාධයක් යැයි කියූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා අද දිවයිනට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment