රෝහල සළිත කළ අවාසනාවන්ත දරු උපත (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

රෝහල සළිත කළ අවාසනාවන්ත දරු උපත (PHOTOS)

24 හැවිරිදි තරුණ මවකට ලැබුණු ඉතා අවාසනාවන්ත දෙබිඩි දරු උපතක් පිළිබඳව යි මේ පුවත.

මෙසේ ශරීර දෙක එකට සම්බන්ධ වී උපත ලබා ඇත්තේ ගැහැණු දරුවෙකු සහ පිරිමි දරුවෙකු බව යි වෛද්‍යවරුන් පවසන්නේ.

මොවුන් දෙදෙනාට සාමාන්‍ය පරිදි අත් යුගලය බැගින් පිහිටි නමුත් දෙදෙනාටම ඇත්තේ පාද දෙකක් පමණයි. වඩාත් අවාසනාවන්ත පුවත වන්නේ ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍යවන ප්‍රධානතම අභ්‍යන්තර අවයවයන් මෙම දරුවන් දෙදෙනාට වෙන් වෙන්ව පිහිටා නොතිබීම යි.

වෙනත් ආකාරයකින් පැවසුවහොත් බොහෝ අවයවයන් දරුවන් දෙදෙනාටම පිහිටා ඇත්තේ එක බැගිනි. තව ද දරුවන් දෙදෙනාගෙන් පිටතට පෙනෙන සේ ලිංගේන්ද්‍රය පිහිටා ඇත්තේ ගැහැණු දරුවාගේ පමණක් බව ද වෛද්‍යවරු සඳහන් කරයි.

අනෙක් දරුවාට ලිංගික අවයවයක් පවා පිහිටා නොතිබෙන අතර එම දරුවා නිරීක්ෂණය කළ වෛද්‍යවරු ඔහු පිරිමි දරුවෙකු බවට උපකල්පනය කර සිටිති. මෙම දරු උපත නැගෙනහිර ඉන්දියාවේ සිදුව තිබේ.

ඡායාරූප පහතින්....





 

No comments:

Post a Comment

Post Bottom Ad