අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන්, පතන ශ්‍රීපාද විද්‍යාපිඨයට හදිසියේ පැමිණි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධා ක්‍රිෂ්ණන් මහතා එම විද්‍යාපිඨයේ පීඨාධිපතිවරයා ඇතුළු පරිපාලනය දැඩි සේ දෝෂදර්ශනයට ලක්කළ බව වාර්තා වේ.
එම විද්‍යාපිඨයේ අධ්‍යාපනය ලබන සිසු ගුරුවරුන් විශාල පිරිසකගේ පැමිණිල්ලක් මත අමාත්‍යවරයා මෙලෙස එම විද්‍යාපිඨයේ හිදිසි නිරික‍්ෂණ චාරිකාවක නිරත වී තිබේ. මෙහිදි එම විද්‍යාපීඨයේ ප්‍රමිතියකින් සහ නිසි සැලසුමකින් තොරව සිදුකරන සංවර්ධන කටයුතු රැසක් වහාම අත්හිටුවීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත.
එමෙන්ම එහි අධ්‍යාපනය හදාරන ගුරු සිසුන් 1300ක් පමණ වූ පිරිසට ලබා දෙන ආහාර පිරිසිදු නොමැති බවත් එම ආහාර පිසින මුළුතැන්ගෙය දැඩි අපිරිසිදු තත්ත්වයකින් පවත්වාගෙන යන බවත් ආහාර සදහා ලබා ගන්නා එළවළු ආදිය ප්‍රමිතියකින් තොර ඒවා බවත් අමාත්‍යවරයාගේ නීරික‍්ෂණයට ලක් වී තිබේ.
විද්‍යාපීඨයේ පවතින එම අඩුපාඩු කඩිනමින් සපුරාලීමට අමාත්‍යවරයා මෙහිදී එහි පරිපාලනයට උපදෙස් ලබා දී ඇති අතර ඒවා නිසියාකාරව සිදුවෙනවාද යන්න සොයා බැලිමට තමා කඩිනමින් නැවතත් විද්‍යාපීඨයට පැමිණෙන බවට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.
ඡායාරූප පහතින්...

හැටන් - රංජිත් රාජපක්ෂ
No comments:
Post a Comment