මෙරට පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ 50-60 ත් අතර වන බැවින් එය අවම කර ගැනීම සඳහා මෙම වසර තුළදී සූර්ය පැනල සවි කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ ගෘහ අලංකරණයට කිසිදු ආකාරයක හානියක් නොවන අයුරින් පාවෙන සූර්ය පැනල මේ සඳහා භාවිත කිරීමට තීරණය කර ඇති බව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කමිටුවේ දී ප්‍රකාශ වි තිබේ.
පාර්ලිමේන්තුව සඳහා සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීමට දළ වශයෙන් රුපියල් මිලියන 300 ක් පමණ වැයවන නමුත් එය කිසිදු රටකින් ලබාගන්නා ණය ආධාරයක් මත සිදු නොකිරීමට ද මෙම වසර තුළදීම එය ස්ථිර වශයෙන්ම සවි කිරීමට ද තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව ගොඩනැගීමට ද කිසිදු රටකින් ණය ආධාර ලබාගෙන නොමැති බැවින් මෙම කර්තව්‍යය ද දේශීය අරමුදල් යටතේ සිදුකිරීමට තීරණය කර තිබේ. මෙම නව ක්‍රියාමාර්ගය මෙම වසරේ දෙසැම්බර් 31දාට ප්‍රථම සිදුකිරීමට තීරණය කර තිබේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ මෙම හමුවට විදුලි බල හා බලශක්ති අමාත්‍යාවරයා, ලංකා විදුලි බල මණ්ඩලයේ සහ සූර්ය බලශක්ති අධිකාරියේ නිලධාරීන්ද සහභාගී වූ බව වාර්තා වේ.

No comments:
Post a Comment