නිදන් හෑරූ මව සහ පුතු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 4, 2016

නිදන් හෑරූ මව සහ පුතු අත්අඩංගුවට

නිදන් හෑරූ මව සහ පුතු අත්අඩංගුවට
අනුරාධපුර, මඩාටුගම දුනුමඩලාව ප්‍රදේශයේ දී  නිධන් හෑරූ බවට සැකපිට කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා ඇතුළු තවත් තරුණයින් 02ක් අත්අඩංගුවට ගෙන තිබේ.
තම නිවස පිටුපස ළිඳක් හාරන මුවාවෙන් අදාළ පිරිස මෙම නිධන් හෑරීම සිදුකර ඇති බව වාර්තා වේ.
නිධන් හෑරීමට යොදාගත් ගල් විදින යන්ත්‍රයක්, වතුර මෝටරයක් ඇතුළු උපකරණ කිහිපයක් පොලීස් භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක් සහ 21 හැවිරිදි ඇයගේ පුත්‍රයා ඇතුළු වයස අවුරුදු 17ක් සහ 18 වන ඥාති පිරිමි ළමුන් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (04) දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad