අහිමි වූ නිවසට නව නිවසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 4, 2016

අහිමි වූ නිවසට නව නිවසක්

අහිමි වූ නිවසට නව නිවසක්
පසුගියදා ඇතිවූ නායයෑමෙන් නිවාස අහිමි වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ලබාදීමේ සහ නිවාස ඉදිකරදීමේ ක්‍රමවේදයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසන් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ආපදාවට ලක්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම පිළිබඳව ඊයේ (03) පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම අනුමැතිය ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මේ වනවිට එම ජනතාව නැවත පදිංචි කිරීම සඳහා සුදුසු ඉඩම් සහ අවශ්‍ය ප්‍රමාණයන් හඳුනාගෙන ඇති අතර රජයට සහ පෞද්ගලික වැවිළි සමාගම්වලට අයත් ඉඩම් මේ සඳහා යොදාගන්නා බව වාර්තා වේ.


එම ඉඩම් නිදහස් කරගැනීමට වැවිළි සමාගම්වල එකඟතාව ලබාගැනීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී කතාබහට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. වැවිලි කර්මාන්තයට හානියක් නොවන ආකාරයෙන් හා පදිංචියට සුදුසු යටිතල පහසුකම් ලබාදිය හැකි අන්දමින් ඉඩම් පවරාගැනීම සිදුකරන ලෙස ජනාධිපතිවරයා එහිදී අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා අදාළ අංශ වෙත විපතට පත් ජනතාව වෙනුවෙන් එම නව නිවාස ඉදිකිරීමේ දී ඉහළ ප්‍රමිතියකින් හා ගුණාත්මකභාවයකින් යුතුව නිසි සැළසුම් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad