මෙරට ගර්භණී කාන්තාවන්ට වේදනාවෙන් තොර දරු ප‍්‍රසූතියක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ, එන්ටර් නොක්ස් (Enter knox) නම් වේදනානාශක ඖෂධය දිවයිනේ සියලුම ගර්භණී කාන්තාවන්ට ලබාදීම මගිනි. එමෙන්ම මෙරට රජයේ රෝහල්වලට ඖෂධ වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60ක් පමණ වැය කරන බව සදහන් කරන අමාත්‍යවරයා කිසිදු ඖෂධ හිඟයක් මේ වන විට නොමැති බවත් කිසියම් රෝහලක ඖෂධ හිඟයක් පවතින්නේ නම් එය නිලධාරීන්ගේ වරදක් බවත් කියාසිටියේ ය.
වාර්ෂිකව ඖෂධ වෙනුවෙන් වැය කරන පිරිවැය අවම කර ගැනීම සඳහා දේශීයව ඖෂධ නිපදවීමට පියවර ගන්නා බවට ද අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ. රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමේ දී වෛද්‍යවරුන්ට පහසුවක් සලසන e -health ව්‍යාපෘතිය සෑම රජයේ රෝහලකම ක්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා යෝජනා ඉදිරිපත් කර ඇති අතර එමගින් සෑම රෝගියෙකුටම විද්‍යුත් අංකයක් ලබාදෙන අතර ඒ යටතේ රෝගියාගේ සියළු පරීක්ෂණ වාර්තා පරිගණකගත කෙරේ.

No comments:
Post a Comment