ඩෙංගු රෝගීන් ගණන 18000යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 4, 2016

ඩෙංගු රෝගීන් ගණන 18000යි

ඩෙංගු රෝගීන් ගණන 18000යි
මෙම වර්ෂයේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 18,000ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එම ඒකකයෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමරවීර මහත්මිය සඳහන් කළේ ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගීන් සිටින බවට ද වාර්තා වී තිබේ. මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානම ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad