කොළොන්නාවේ නිවාස පිිරිසිදු කරන්න අමෙරිකානු හමුදාවත් එයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

කොළොන්නාවේ නිවාස පිිරිසිදු කරන්න අමෙරිකානු හමුදාවත් එයි (PHOTOS)

කොළොන්නාවේ නිවාස පිිරිසිදු කරන්න අමෙරිකානු හමුදාවත් එයි (PHOTOS) 
පසුගියදා ඇතිවූ ගං වතුරෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල ජනතාව තම නිවාස යළි පිළිසකර කරගැනීම සහ ඒවා පිරිසිදු කරගැනීමේ ගැටළුවකට මුහුණ දී තිබේ.

ගංවතුර තත්ත්වයන් පැවති එම ප්‍රදේශවල මේවන විට අධික දුර්ඝන්ධයක් පවතින අතර නිවාසවල එකතුවූ කැලිකසල ජනතාව මාර්ග අසල ගෙනවිත් දැමුවද එම කසල ගෙන යාමට අදාල බලධාරීන් ක්‍රියාකර නොමැති බව එම ජනතාව චෝදනා කරයි. 

මෙවැනි තත්ත්වයක් මත එම ප්‍රදේශ සහ නිවාස පිරිසිදු කිරීමට හමුදා කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන ඉදිරිපත්වූ අතර පසුගියදා ඇමරිකානු හමුදා කණ්ඩායමක්ද ඊට එක්වී සිටියහ. ඔවුන් පසුගිය දා දිවයිනට පැමිණ ගංවතුරෙන් ආපදාවට ලක් වු කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවාස පිරිසිදු කර දීමේ කටයුතුවලට දායක විය.













No comments:

Post a Comment

Post Bottom Ad