අත්අඩංගුවට ගන්නැයි නියෝග කර ඇති කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(02) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවීමට නියමිත බව වාර්තා වේ.
බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු බව දනිමින්ම අලියෙකු ළඟ තබාගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු ලෙස නම් කළ කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රහස් පොලීසියට ඊයේ (01) නියම කළේය.
ඊට අදාලව නඩු විභාගය අද කැදවීමට නියමිත අතර එහිදී තිළිණ ගමගේ මහතා නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමට නියමිතය.
නීතිවිරෝධී අලියෙකු ළඟ තබාගන්නා ලදැයි සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කොට ඇති පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ තිළිණ ගමගේ මහතාද එහි සැකකරුවෙකු ලෙස නම් කෙරිණි.

No comments:
Post a Comment