මඩකලපුව වවුනතිව් ප්‍රදේශයේ දී වල් අලි ප්‍රහාරයකින් 6හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
වවුනතිව් කට්පගකේනි ගම්මානයට ඊයේ (01) රාත්‍රී 9.00ට පමණ ඇතුළු වූ වල් අලියෙකු නිවස තුළ නිදාගෙන සිටි දැරියට පහර දී ඝාතනය කර ඇති බව වවුනතිව් පොලීසිය සඳහන් කරයි.
වයස අවුරුදු 6ක් වන රාසයිය රෝජිනී නමැති මෙම දැරියගේ පියා ද වල් අලියාගේ පහරදීම නිසා තුවාල ලබා රෝහල් ගත කර තිබේ. දැරියගේ දේහය මඩකලපුව ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනතිව් පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.
ඡායාරූප පහතින්...

මඩකලපුව - ජවුෆර්කාන්
No comments:
Post a Comment