නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව සකස් කළ වාර්තාව කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදීම අද (02) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවිය.
කතානායකවරයා වෙත අදාළ වාර්තාව ලබාදීමෙන් අනතුරුව එම කමිටුවේ සභාපති නීතීඥ ලාල් විජේනායක මහතා ඒ පිළබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිංස්කරණ කමිටු කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
එහිදී අදහස් දැක්වූ නීතීඥවරයා, “ එහි එක මතයක් තමයි ෆෙඩරල් ක්‍රමයක් ඕනෙයි කියන එක.
නමුත් ඊට වෙනස් මත තිබුණා, ෆෙඩරල් ක්‍රමයක් එපා සම්පූර්ණ ඒකීය රාජ්‍යයක් වෙන්න ඕන කියලා මතයක් තිබුණා. ඒවගේම තිබුණා යම්කිසි ආකාරයක බලය බෙදීමක් තිබිය යුතුයි , තියෙන පළාත් සභා ක්‍රමය ශක්තිමත් කළ යුතුයි, කියලා ඒවගේ මතයකුත් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ සියල්ල අපි අපේ වාර්තාවේ ඇතුළත් කරලා තියෙනවා.” යි පැවසීය.
වාර්තාවේ අන්තර්ගතය පැහැදිලි කළ නීතීඥවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ, “ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි කියලා සෑහෙන්න පිරිසක් කියා සිටියා. ඒ වෙනුවට විධායක බලය සහිත පාර්ලිමේන්තු ආණුඩුක්‍රමයක් ඔවුන් ඉල්ලා සිටියා.
සමහර අය 19වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බල කේන්ද්‍රයේ සිදුවූ යම් යම් වෙනස්කම් එලෙසම පවත්වාගෙන යායුතුයි කියලත් කියා සිටියා. ඒ වගේම ශක්තිමත් විධායක ජනාධිපතිවරයෙක් අවශ්‍ය බව කී අයත් හිටියා” ලෙසයි.
ඒ මහතා ප්‍රකාශකළේ තමා ඇතුළු කමිටුවට පාර්ලිමේන්තුවට නියෝග දීමේ බලයක් නොමැති බවත් මෙම ජනතා අදහස් හා යෝජනා දැනගැනීමෙන් පාර්ලිමේන්තුවට ඒ අයගේ නිගමනවලට එළැඹීමේ දී ආධාරයක් වනු ඇති බවත් ය.
No comments:
Post a Comment