සිය බෑණාගේ පිහි ඇනුමකට ලක්ව බරපතල තුවාල ලබා දින 7 ක් අනුරාධපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳ ඊයේ (01) රාති‍්‍රයේ දී මියගොස් තිබේ.
පසුගිය මැයි මස 25 වනදා රාති‍්‍රයේ හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳ සහ දියණිය එම දියණියගේ සැමියා විසින් එල්ල කළ පිහි ඇනුමට ලක්වූ බව වාර්තා විය. සිද්ධිය වූ අවස්ථාවේදීම දියණිය මියගොස් තිබූ අතර ස්ථානාධිපතිවරයාගේ බිරිඳ බරපතල තුවාල ලබා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කෙරුණි.
දියණිය සහ ඇයගේ සැමියා අතර පැවති ආරවුලක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුවී ඇති බව දැනට සිදු කෙරුණු විමර්ශනවල දී අනාවරණ වී තිබේ. පිහි ඇනුම සිදුකිරීමෙන් පසු අදාළ පුද්ගලයා සැඟව සිටි අතර පොලීසිය විසින් කළ සෝදිසි මෙහෙයුමක දී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණි.

No comments:
Post a Comment