හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අත්අඩංගුවට ගැනීමට නියෝගයක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අත්අඩංගුවට ගැනීමට නියෝගයක් 

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අත්අඩංගුවට ගැනීමට නියෝගයක් 
බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු බව දනිමින්ම අලියෙකු ළඟ තබාගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු ලෙස නම් කළ කොළඹ හිටපු අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රහස් පොලීසියට ඊයේ (01) නියම කළේය.

බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු ළඟ තබාගන්නා ලදැයි කියන සිද්ධියක සැකකරුවෙකු ලෙස නම් කළ තිළිණ ගමගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රහස් පොලිස් නිලධාරීන් දැනුම්දුන් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

නීතිවිරෝධී අලියෙකු ළඟ තබාගන්නා ලදැයි සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කොට ඇති පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ තිළිණ ගමගේ මහතාද එහි සැකකරුවෙකු ලෙස නම් කෙරිණි. කෙසේ වෙතත් තිළිණ ගමගේ හිටපු අතිරේක මහෙස්ත්‍රාත්වරයා මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad