වසර 2කට පසු මළසිරුරක් ගොඩගනී (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

වසර 2කට පසු මළසිරුරක් ගොඩගනී (PHOTOS)

වසර 2කට පසු මළසිරුරක් ගොඩගනී (PHOTOS)
2014 වසරේ දී ත්‍රී රෝද රථයක් වලකට පෙරලීමෙන් මියගිය බව කියන හබරාදුව, හප්පාවන පදිංචි තිදරු පියෙකුගේ මරණය පිළිබඳව ඔහුගේ ඥාතීන් විසින් සැක පළ කිරීම හේතුවෙන් ඔහුගේ මළ සිරුර ඊයේ (01) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතාගේ නියෝගයක් මත ගොඩගනු ලැබීය.

පසුගිය 2014 වසරේ මැයි මස 31වන දින රෝෂාන් තුෂාර නමැති මෙම පුද්ගලයා ඇතුළු තිදෙනෙක් ගමන්ගත් ත්‍රී රෝද රථය අහංගම, හල්ගස්මුල්ල බෝක්කුවට පෙරලී ගොස් ඇති අතර ඔහුගේ හදිසි මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ සිදුවූ අනතුර හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති  බවයි.

නමුත් ඔහුගේ ඥාතීන් කියාසිටින්නේ මෙය මනුෂ්‍යය ඝාතනයක් බවට තමන් සැකකරන බවයි. එම ප්‍රකාශය මත ගාල්ල මහේස්ත්‍රාත්වරයා අදාළ මළ සිරුර ගොඩගෙන යළි පරීක්ෂණ සිදුකරන ලෙස නියෝග කොට තිබේ.

ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිනී නිසංසලා කාවින්දි මහත්මිය, ගාල්ල පොලිස් අපරාධ කොට්ඨාශ පර්යේෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් ප්‍රියන්ත මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම මළ සිරුර ගොඩගැනීමේ පරීක්ෂණ කටයුතුවලට සහභාගී වූ බව වාර්තා වේ.

අදාළ මළසිරුර ගොඩගැනීමෙන් පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය වෙත යොමුකරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් අහංගම පොලීසිය වෙත නියෝග කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඡායාරූප පහතින්...

ගාල්ල - ලලිත් චාමින්ද

No comments:

Post a Comment

Post Bottom Ad