පොලිස්පති අමෙරිකාවට - වැඩබලන පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

පොලිස්පති අමෙරිකාවට - වැඩබලන පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ 

පොලිස්පති අමෙරිකාවට - වැඩබලන පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ 
නිල සංචාරයක් සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (01) රාත්‍රී අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගිය බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගීවීම පොලිස්පතිවරයාගේ මෙම සංචාරයේ  අරමුණ වී ඇත. එම සමුළුවේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වංචාකාරී සිදුවීම්, අන්තර්ජාතික අපරාධ සහ ගෝලීය අපරාධ විමර්ශනය පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

මේ අතර පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා විදේශ ගතවීම හේතුවෙන් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ. ලබන ජුනි මස 09 වන දින දක්වා අදාළ පත්වීම සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad