පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් මුළු වැඩසටහන පුරාම සිය අණසක පැතිරවිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයන් සලිත වි සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.
ජාතික ආණ්ඩුවේ කැබිනට් රැස්විමෙන් අනතුරුව පැවැත්වෙන ශ්‍රිලනිප මෛත්‍රී බත් බැලයන්ගේ රහසිගත කැබිනෙට්ටුවෙදි නාමල්ගේ පුනරාගමනය සම්බන්ධයෙන් සාකච්ඡා වි ඇති අතර එහිදි මෛත්‍රී බත්බැලයන් පෙන්වා දි ඇත්තේ පසුගියදා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සහභාගි වෙමින් නාමල් කල කතාබහ වන අතර එය අනාගත ශ්‍රිලනිප නායකත්වයට අභියෝගයක් වන බවද ඔහුන් පෙන්වා දී තිබේ.
සීඑස්එන්, තජුඞීන්, කාර්රේස්, නීති විභාගය, ගුවන් සේවිකාව, පවුල් පාලනය ඇතුළු තමන් ඇතුළු සියල්ලන්ට එල්ල වූ චෝදනා එකින් එකට ඉත පැහැදිලිව පිලිතුරු දුන් මන්ත‍්‍රිවරයා විපක්‍ෂයේ සිටින බොහෝ මන්ත‍්‍රීනට වඩා ඉදිරියෙන් සිට ආණ්ඩුවට නිශ්චිත විවේචනද ඉදිරිපත් කලේ සංඛ්‍යාලේඛන, අණපනත් සහ උදාහරණද ගෙන හැර දක්වමිනි.
තාමත් 30 වැනි වියේ පසුවන නාමල් රාජපක්‍ෂ මහතාගේ ඉදිරිපත් කිරීම ඔහුගේ සමකාලීන දේශපාලඥයින්ට වඩා බොහෝ ඉදිරියෙන් තිබූ බව කිව යුතු අතර හිටපු ජනාධිපතිවරයෙකුගේ දරුවෙකු ලෙස අනෙක් හිටපු ජනාධිපතිවරුන්ගේ දරුවන්ට වඩා බොහෝ පරිනත බවක්ද පෙන්වීය.
සිය පියා ජනාධිපතිව සිටි කාලයට වඩා දේශපාලන පන්නරයක් පරාජයට පත්ව විපක්‍ෂයේ දේශපාලනය කරන ලද දෙවසරකට අඩු කාලයේදී ඔහු ලබා ඇති බවද ඉතා පැහැදිලිව පෙනිනි.ජනාධිපතිවරණ පරාජයෙන් පසු අද දක්වාම මන්ත‍්‍රිවරයාට තහනමක් පනවා නැතද කිසිදු අවස්ථාවක විදෙස් ගත නොවී සියළු පීඩා දරාගෙන දේශපාලන කුණාටුවේ නොසැලී ඉදිරියට යන දේශපාලන ගමන පැසසිය යුතුය.
හිරු සලකුණු වැඩසටහනේ සම්පූර්න වීඩියෝව..
Thursday, June 2, 2016
මෛත්‍රී පිළට නාමල් භීතිකාවක්!
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment