එල්. ටී. ටී.ඊ ජාත්‍යන්තර මූල්‍ය ජාලය ඇමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක මේ වනවිට ද ක්‍රියාත්මක වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එම නිවේදනයට අනුව එල්.ටී.ටී.ඊ හි ජාත්‍යන්තර ජාලය 2015 වසරේද ක්‍රියාත්මක වෙමින් සංවිධානයට අවශය අරමුදල් රැස්කර තිබේ. ඔවුන් වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ රාජ්‍ය නොවන සංවිධාන යොදාගෙන විවිධ පිරිස් මෙම ජාවාරම් මෙහෙය වන බවය.
කෙසේවෙතත් එම දෙපාර්තමේන්තු නිවේදනයේ ශ්‍රී ලංකාවේ උතුරු පළාත තුළ ආරක්ෂක අංශ එල්.ටී.ටී.ඊ ය යළි ඇතිවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද අවධාරණය කොට තිබේ.
No comments:
Post a Comment