පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID)තවදුරටත් පවත්වාගෙන යෑම හරහා ජාතික ආණ්ඩුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හිමි ස්ථානය ලගදිම අහිමි යනු ඇති බව ශ්‍රිලනිප මෛත්‍රී පිළේ බත් බැලයන් හා ජනාධිපතිවරයා අතර කැබිනෙට්ටුවෙන් පසුව පැවැති හමුවේදි එම පිළේ මන්ත්‍රීවරුන් පෙන්වා දි තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුන් ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපයේ ඇමතිවරුන් සමග ඇති පෞද්ගලික තරහා පිරිමහා ගැනිමට කටයුතු කරමින් සිටින බවයි මෛත්‍රී පිළ පෙන්වා දි ඇත්තේ. මොනවා හොයා ගන්නා එජාපයේ ඇතැමුන් FCIDය ගොස් පසුව මාධ්‍ය සංදර්ශණ පවත්වා ඒ හරහා අමාත්‍යංශ තුල තම කණ්ඩායමේ අමැතිවරුන් අපහසුතාවයට පත්කිරිමට කටයුතු කරන බව අමාත්‍යවරුන් පෙන්වාදුන් බව මෛත්‍රී පිළේ අමාත්‍යවරයෙකු අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර තිබේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති රාජිත සේනාරත්න මහතා අතර ඇතිවී තිබෙන දේශපාලන ගැටුමක් හේතුවෙන් සති අන්ත ඉංග‍්‍රිසි පුවත්පතක සේනාරත්න මහතා සම්බන්ධ වංචා දුෂණ චෝදනා පිටු ගණන පලවෙමින් ඇති අතර මේ පියවර ද ශ්‍රිලනිපයේ මෛත්‍රී පිළේ අමාත්‍යවරුන් අමාරුවේ දමා ගෙඩිය පිටින් ආණ්ඩුව එජාප සතුකර ගැනිමේ කුමන්ත්‍රණයේ කොටසක් බවයි අදාළ අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.
එජාප වත්මන් අමාත්‍යධුර දරන්නන් සහ හිතවතුන්ටත් මෙන්ම එජාපය සමග විවිධ ඩීල් ඇති අයට FCIDය හරහා නීතිය ක්‍රියාත්මක කිරිමට උත්සහ ගත් අවස්ථා රාශියක් අගමැතිවරයාගේ නියෝග මත අතහැර දැමිමට සිදුවිම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකල බවත් ඒ අනුව ඉතා ඉක්මනින්ම ක්‍රියාමාර්ග ගැනිමට ඔහු කැමත්ත පලකල බවද අදාළ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
ඒ අනුව, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධ ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියේය.
Friday, June 3, 2016
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment