උපදේශකවරුන් 56ක් - ලේකම්වරු 94ක් පත් කරගත් ඇමති ගැන ජවිපෙ කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

උපදේශකවරුන් 56ක් - ලේකම්වරු 94ක් පත් කරගත් ඇමති ගැන ජවිපෙ කියයි

උපදේශකවරුන් 56ක් - ලේකම්වරු 94ක් පත් කරගත් ඇමති ගැන ජවිපෙ කියයි
ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරුන් 56ක් පත්කරගත් බවත් ඒ සියලු දෙනා මහනුවර දිස්ති‍්‍රක්කයේ පුද්ගලයින් බවත් ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පවසයි. 

එම උපදේශකවරයෙකුගේ වැටුප සහ වාහන දීමනාව රු. 65,000ක් බවත් සමහර උපදේශකයෝ සාමාන්‍ය පෙළවත් සමත්වී නොමැති බවත් සඳහන් කළ අනුර දිසානායක මහතා එනිසා අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට උපදෙස් දෙන්නේ සාමාන්‍ය පෙළත් අසමත් උපදේශකයෝ බවද පැවසී ය. 

ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා සම්බන්ධීකරණ ලේකම්වරු 94ක් පත්කරගෙන ඇති අතර ඒ, ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට අමතරව බව අනුර දිසානායක මහතා පැවසී ය.  බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද පැවසීය.

“ඒ වගේම පසුගියදා ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරුන් 56ක් පත්කරගත්තා. ඒ සියලූම දෙනා මහනුවර දිස්ති‍්‍රක්කයෙන්. එක් අයෙකුගේ වැටුප සහ වාහන දීමනාව රු. 65,000ක්. සමහර උපදේශකයෝ සාමාන්‍ය පෙළවත් සමත්වෙලා නැහැ. අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ලට උපදෙස් දෙන්නේ සාමාන්‍යපෙළත් අසමත් උපදේශකයෝ. 

මේ විදියට තමයි මොවුන් මහජන ධනය විනාශ කරන්නේ. ඊට අමතරව ලක්‍ෂ්මන් කිරිඇල්ල සම්බන්ධීකරණ ලේකම්වරු 94ක් පත්කරගෙන තිබෙනවා. ඒ, ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට අමතරවයි. තමන්ගේ බිරිඳයි, දියණියයි වෙනම සම්බන්ධීකරණ ලේකම්වරු විදියට ඉන්නවා. අපිට තේරෙන්නේ නැහැ මේ තරම් සම්බන්ධීකරණ ලේකම්වරු මොකටද කියා. 

මේවා කොහොමද යහපාලනය වෙන්නේ? මේ මහජන ධනය යාළුවන්ට, හිතමිතුරන්ට බෙදන්න තෝරාගන්නා උපක‍්‍රමයක්. මේකට කියන්නේ අශිෂ්ට පාලනයක් කියලා. එය රාජපක්‍ෂ පාලනය පරාජය කරන තරමේ අශිෂ්ට පාලනයක්. “

No comments:

Post a Comment

Post Bottom Ad