'හමුදා කඳවුරකට ඇතුළුවීම තහනම් කළ හැක්කේ ජනපතිට පමණයි' - අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

'හමුදා කඳවුරකට ඇතුළුවීම තහනම් කළ හැක්කේ ජනපතිට පමණයි' - අගමැති

'හමුදා කඳවුරකට ඇතුළුවීම තහනම් කළ හැක්කේ ජනපතිට පමණයි' - අගමැති
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනෙන් බැහැරව සිටි අවස්ථාවක ඇති වූ නැගෙනහිර මහ ඇමතිවරයාගේ සිදුවීම පදනම් කර ගනිමින් ජාතිවාදය යළි පැතිරවීමට ආරක්ෂක අංශ උත්සහකළේදැයි සොයා බලන ලෙස ජ්‍යේෂඨ අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (02) අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා අමාත්‍යවරුන් වෙත අදහස් දක්වමින්  ප්‍රකාශකොට ඇත්තේ නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් මහතා මුල්කරගත් සිදුවීම ඇතිවූයේ පළාත් අමාත්‍යංශයකට අයත් පාසලක බවත් කුමන තත්ත්වයක් යටතේ වුවද හමුදා කඳවුරුවලට ඇතුළුවීමට සහ ඇතුළුවීම තහනම් කිරීමට බලය ඇත්තේ රටේ ජනාධිපතිවරයාට පමණක් බවත් එසේ නියෝග නිකුත් කරන්නේ නම් ඊට ජනාධිපති අනුමැතිය ලැබිය යුතු බවත් ය.

නාවික හමුදා නිලධාරියෙකුට බැන වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් මහඇමති නසීර් අහමඩ් මහතාට පසුගිය 26වැනිදා ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ඇතුළත්වීමට ඉඩ නොදෙන ලෙස ත්‍රිවිධ හමුදාව විසින් තහනමක් පැනවූ අතර පසුව එය ඉවත් කරගනු ලැබීය. එම සිදුවීමෙන් අනතුරව ඔහු ඊයේ (02) ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරේ පැවති දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගි විය.

No comments:

Post a Comment

Post Bottom Ad