සබරගමු සරසවි සිසු උද්ඝෝෂණයට ඇමති තෙවරප්පෙරුමත් යයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

සබරගමු සරසවි සිසු උද්ඝෝෂණයට ඇමති තෙවරප්පෙරුමත් යයි (PHOTOS)

සබරගමු සරසවි සිසු උද්ඝෝෂණයට ඇමති තෙවරප්පෙරුමත් යයි (PHOTOS)
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා අද (03) බෙලිහුල්ඔය පිහිටි සබරගමු විශ්වවිද්‍යාලයට ගියද සරසවි සිසුහු අමාත්‍යවරයාට එම උත්සවයට යාමට ඉඩ නොදී මාර්ගය හරස් කර තිබේ.

නියෝජ්‍ය ඇමතිවරයා සිය මෝටර් රථයේ බොනට්ටුවට නැග සිසුන් ඇමතීය. ‘මම දන්නවා එහෙම ප්‍රශ්න තියෙන බව. අපි එක්වෙලා එම ප්‍රශ්න විසඳමු‘ කියමින් ඔහු ටික වේලාවක් සිසුන් සමග ගත කළේය.

සිසුන් කියා සිටියේ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමට වඩා සිසුන්ගේ වෙනත් ප්‍රශ්න ඇති බවයි. 500කට සිසුන් සමග ඔහුද උද්ඝෝෂණයට එක්වූ බව වාර්තාවේ.

එම ඡායාරූප පහතින්, 

No comments:

Post a Comment

Post Bottom Ad