බස්නාහිර පළාතේ කිසිදු ඉඩම් ගොඩකිරීමකට ඉඩ නොතැබීමට පසුගියදා රජය ගත් තීරණය කි‍්‍රයාත්මක කිරීමේ දී එල්ලවන කිසිදු බලපෑමකට යටත් නොවන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.
එහිදී සෘජු තීන්දු තීරණ ගන්නා නිලධාරින් වෙනුවෙන් තමා නිරන්තරයෙන් පෙනී සිටින බව ද අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් දැනටමත් යම් බලපෑමක් එල්ල වී තිබේනම් නොපැකිලිව තමා දැනුවත් කරන ලෙස ද නිලධාරින්ට පැවසී ය.
මීට පෙර පළාතේ ඉඩම් ගොඩකිරිම් සඳහා ලබාදී තිබු සියලු අනුමැතියන්ද වහාම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දුන්නේය. හෙතෙම මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (02) පස්වරුවේ වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති ගම්පහ දිස්ති‍්‍රක් විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වයන් සමග ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජනතාවටද ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවූයේ දිස්ති‍්‍රක්කය තුළ සීමාවකින් තොරව සිදු කෙරුණු ඉඩම් ගොඩකිරීම් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී එවැනි තත්ත්වයන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.
ඇළ වේලි අඛණ්ඩව නඩත්තු කිරීමේ නිසි ක‍්‍රමවේදයක් නොමැති කමද ප‍්‍රධාන හේතුවක් වී තිබෙන අතර ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

No comments:
Post a Comment