යාපනය වලිකාමම් නැගෙනහිර පළාතේ පිහිටි රජයේ පාසල් 2ක් වසර 26කට පසු ඊයේ (02) විවෘත කෙරිණි.
රජයේ මැදිහත්වීම මත මෙම පාසල් දෙක යළි විවෘත කිරීම පිළිබඳව තමා සතුටට පත්වන බව නඩේස්වරා කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනිය ශ්‍රී ලක්ෂනාදේවී මහත්මිය කියාසිටියා ය.
ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ උතුරේ අධි ආරක්ෂිත කලාපවලට හසු වී ඇති සෙසු පාසල් කිහිපය ද නිදහස් කොට එම ප්‍රදේශවල ළමුන්ට යළි පාසල් වෙත යාමට කටයුතු සලසන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවයි.
ඡායාරූප පහතින්...
දියසේන රතුගමගේ
No comments:
Post a Comment