'වෛද්‍යවරුන්ට හානියක් වුනොත් වගකීම චතුරට ' - GMOA කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

'වෛද්‍යවරුන්ට හානියක් වුනොත් වගකීම චතුරට ' - GMOA කියයි

'වෛද්‍යවරුන්ට හානියක් වුනොත් වගකීම චතුරට ' - GMOA කියයි (VIDEO)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ එහි නියෝජිතයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වතුර සේනාරත්න මහතා අපහාසාත්මක අයුරින් කටයුතු කිරීම නිසා ඒ පිළිබඳව කථානායකවරයාට පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (02) පැවති රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ මධ්‍යම කාරක සභාවේ මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමිනි.

එහිදී අදහස් දැක්වූ වෛද්‍යවරයා, “ මධ්‍යම කාරක සභාව තීරණය කරා චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ යම් යම් ප්‍රකාශ සම්බන්ධයෙන්  නීතිමය පියවර ගන්න. ඒවගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් එතුමා කළ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා ගරු කතානායකතුමාට පැමිණිලි කිරීම යෝග්‍යයයි කියලා. ඒක නිසා ඒ පිළිබඳවත් මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබිලා තියෙනවා. “ ලෙස කියාසිටියේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද හේරත් මහතා ප්‍රකාශ කළේ තමාගේ දරුවා එවන් හැසිරීමක් දැක්වුවේ නම් තමා කෙතරම් අපහසුතාවයකට පත්වන්නේ ද එලෙසම  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද එම අපහසුතාවයට ලක්වන්නට ඇති බවයි.

එහිදී එම සංගමයේ  මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා අදහස් දක්වමින් ප්‍රකාශකළේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කුමන හෝ සාමාජිකයෙකුට මොනයම් හෝ ආකාරයක හානියක් සිදුවුවහොත්  එහි වගකීම අදාළ ප්‍රකාශය කළ මන්ත්‍රීවරයා විසින් භාරගත යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad