ත්‍රිරෝද රථයටත් වඩා අඩු මුදලකට රෝද හතරේ වාහනයක් රටේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
ඔහු මෙය රෝද හතරේ වාහනයක් බව පැවසුවද එය මෝටර් රථයක් බව ප්‍රකාශ කළේ ද නැත.
කෙසේ වෙතත් බජාජ් සමාගම රෝද තුනේ රථය වෙනුවට අලුතෙන් නිෂ්පාදනය කරනුයේ රෝද හතරක වාහනයකි. කෙසේනමුත් එහි එන්ජිමෙහි වෙනසක් සිදුකර නොමැති වීම හේතුවෙන් මෙය මෝටර් රථයක් නොවන බව එම සමාගම කියයි. ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ බජාජ් සමාගම තම කොඩ්රිසයිකලය Qute නමින් වෙළඳපොලට හඳුන්වාදී ඇත. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ 3ක්) පමණ වේ.
මින් රථ කිහිපයක් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙන්වා ඇති අතර, මේ දිනවල එම රථ තත්ත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇති බවද වාර්තාවේ. ළඟදීම මෙම කොඩ්රිසයිකලය මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැත.
පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහාය. මෙහි ගමන්කළ හැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍රල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ඇත. මෙම රෝද හතරේ රථය දිගින් මිලි මීටර් 2752 ක්ද, පළලින් මිලි මීටර් 1312 ක්ද උසින් මිලි මීටර් 1650ක්ද වේ. පසුපස සවිකර ඇති එන්ජිමේ බලවේගය අශ්වබල 200කි.
කෙසේවෙතත් බජාජ් සමාගමේ Qute නමින් නිකුත් කරන රෝද හතරේ රථයේ ආරක්ෂාව පිළිබඳ පරීක්ෂාවට ලක්කල Euro NCAP සමාගම සඳහන් කරන්නේ එම පරීක්ෂාවේදී තරු 5කින් එක් තරුවක් පමණක් එම රථයට හිමිව ඇති අතර එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ලබාදෙන ලකුණු මට්ටමේදී ලකුණු 32 කින් 10ක් පමණක් හිමිව ඇති බවයි.
Euro NCAP සමාගම එම පරීක්ෂාව සිදු කර ඇත්තේ 2016 අප්‍රේල් මාසයේදීය. Qute රථය පැයට කිලෝ මීටර් 50ක වේගයෙන් යාමේදී අනතුරකට ලක්වීමේදී ඇතිවන අනතුරුදායක තත්ත්වය පරීක්ෂා කර තිබේ. එහිදී හෙළි වී ඇත්තේ සාමාන්‍ය කුඩා මෝටර් රථයක් තිබෙන ආරක්ෂිත උපක්‍රම මෙම රථයේ නොමැති බවයි.
එම පරීක්ෂාව සිදු කළ ආකාරය දැක්වෙන් වීඩියෝව පහතින්,
Sunday, June 5, 2016
අඩුම මුදලට එන මෝටර් රථයේ ආරක්ෂාව ගැන ගැටලුවක්! - පරීක්ෂා කළ වීඩියෝව මෙන්න
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment