තලතාගේ කැබිනට් පත්‍රිකාව ජනපති ඉවත හෙලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

තලතාගේ කැබිනට් පත්‍රිකාව ජනපති ඉවත හෙලයි

තලතාගේ කැබිනට් පත්‍රිකාව ජනපති ඉවත හෙලයි
ගෘහ සේවය සඳහා විදෙස් ගත වන කාන්තාවන්ගේ වයස් සීමාව සංශෝධනය කිරීමට විෂය භාර අැමතිනී තලතා අතුකෝරාළ මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය  විසින්  ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

අදාළ කැබිනට් යෝජනාව මගින් ගෘහ සේවය සඳහා විදෙස් ගත වන කාන්තාවන්ගේ වයස් සීමාව අවුරුදු 25 සිට 22 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබිණි. ඊයේ (31) මෙම කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ වයස් සීමාව අඩු කිරීමෙන් තරුණ කාන්තාවන් විදෙස් ගතවීමට වැඩි වශයෙන් පෙළඹෙනු ඇති බවත් එ් තුළින් සමාජයට අහිතකර බලපෑමක් සිදුවන ඇති බවත් ය.

කාන්තාවන්ගේ විදෙස්ගත වීම හැකි නම් සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට තිබේ. මෙහිදී ජනාධිපතිවරයාට පක්ෂව තවත් කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වා ඇති අතර, රජයේ ප්‍රතිපත්තිය එය නම් එයට තමා ද අනුගත වන බව අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වේ.

එසේම කාන්තාවන් විදෙස්ගත වීම හා ඔවුන් මුහුණදෙන ගැටලු පිළිබඳ අධ්‍යයනය කර ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට තලතා අතුකෝරල මහත්මිය ඇතුළු කමිටුවක් පත්කිරීමට ද කැබිනට් මණ්ඩලය කටයුතු ආරම්භ කොට තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා  කාන්තාවන් විදේශගත වීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකියාවක් වේදැයි සොයා බලන ලෙස ද මෙම කමිටුවට උපදෙස් ලබාදුන් බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad