අදත් ප්‍රදේශ කිහිපයකට වැසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරමුව පළාත් වලට අද(01) දිනයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ක් පමණ වන තරමක තද වැසි අපේක්ෂා කරන බවත් ය. ඌව සහ නැගෙනහිර පළාත් වල පස්වරු 2.00න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. 

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මඩකළපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදේ සුළං වේගය පැයට කිලෝ මීටර 60 ඉක්මවිය හැකි බවත් ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් විමසිලිමත් වන ලෙස ධීවර ප්‍රජාවගෙන් සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad