බෙදුම්වාදී යහපාලනය උදාකිරිම සදහා ජනතාව අතර අතර අසත්‍ය වපුරමින් ජාත්‍යන්තර ඩොලර් කුට්ටි ගිලිමින් මාධ්‍යවේදීයෙකු ලෙස පෙනී සිටි මිගමුවේ ප්‍රෙඩී ගමගේ නැමැත්තාට යහපාලනයේ නාඳුනන මැර පුද්ගලයන් දෙදෙනෙක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
යහපාලනය උදාකිරිමට වෙබ් හරහා අසත්‍ය වැපිරු මෙම කණ්ඩායම පසුගිය වසර දෙකක පමණ යහපාලන ආණ්ඩුව කාලයේදි තමන්ට වරප්‍රසාදයන් නොලැබිම නිසා යහපාලනයට විරුද්ධවද අසත්‍ය පුවත් මවන්නන් බවට පත් වෙමින් වෙබ් මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරය කිරිමට කටයුතු කල කණ්ඩායාමේ සමාජිකයෙකි.
මීපුර නැමති වෙබ් අඩවියක් හා ප්‍රාදේශිය පුවත්පතක් පවත්වාගෙන යන ප්‍රෙඩී නැමත්තා තමන්ට පුවත්පත පවත්වාගෙන යැමට මුදල් ලබා දෙන්නගේ අවශ්‍යතාව මත විවිධ පුද්ගල චරිත ඉලක්ක කර මඩ ප්‍රචාරය කිරිමට කටයුතු කරන අයෙකි. අද(02)දහවල් 12.30ට පමණ මීගමුව නගර සභාව අසලදී සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැළඳ පැමිණි දෙදෙනෙක් පොල්ලකින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
රෝහල් ගතවි සිටින ප්‍රෙඩීගේ තත්ත්වය පිළිබඳව අප විශේෂ වර්තාකරුවෙකු කලවිමසිමකදි ඔහු පවසා ඇත්තේ පසුගිය කාලසිමාවේදි මීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා මහතා තමන්ට තර්ජනය කළ බවත් නගරාධිපතිවරයාට සම්බන්ධ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට තමන්ට සැක පළවන බවයි.
යහපාලනය උදාවිමත් සමග මීපුර පුවත්පත යොදා ගනිමින් නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා ඉවත් කිරිම සදහා ප්‍රෙඩී නැමැත්තා දිගින් දිගටම මඩ ප්‍රහාරයන් එල්ල කර තිබේ. මේ අතර අප මිගමුව විශේෂ වාර්තාකරු අනාවරණය කළේ ප්‍රෙඩී නැමත්තා නියෝජ්‍ය නගරාධිපතිවරයාට චොදනා එල්ල කලද මෙම පහරදිම පසුපස ඇත්තේ වෙනත් කතාවක් බවයි.එනම් ප්‍රෙඩී නැමත්තා පවත්වාගෙන යන පුවත්පත සහ රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ වැඩ සදහා යොදවා ගන්නා කාන්තාවක් සමග පවතින අනියම් සබඳතාවයක් හේතුවෙන් මෙම පහරදිම සිදුව ඇති බවයි.
ප්‍රෙඩී නැමත්තා සහ අදාළ කාන්තාව අතර පවතින සබඳතාවය ඉතාමත් ප්‍රසිද්ධ එකක් වන අතර යහපාලනය උදාවිමත් සමග විවිධ වරප්‍රසාදයන් ලබාදිමට එකඟතාවයන් තිබුනද එම බලාපොරොත්තු බිඳවැටීම හේතුවෙන් ඔහුන් අතර ගැටුමක්ද හටගෙන තිබේන බව අප වර්තාකරු අනාවරණය කලා.
Thursday, June 2, 2016
යහපාලනයට කඩේ ගිය ඩොලර් කාක්කාට යහපාලන පොලු පහරක්!
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment