පාසල් බෑගයේ බර අඩුකරන්නැයි ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

පාසල් බෑගයේ බර අඩුකරන්නැයි ඉල්ලීමක්

පාසල් බෑගයේ බර කිලෝග්‍රෑම් 05ට වඩා වැඩිවීම හේතුවෙන් කුඩා දරුවන් ගැටළු රැසකට මුහුණදී ඇති බවත් මේ සම්බන්ධයෙන්  කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.

පාසල් දරුවන්ගේ පාසල් බෑගයේ බර සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය මේබව පවසා තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා වෙත මෙම ලිපිය යොමු කළ බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම්  අජිත් කේ. තිලකරත්න මහතා ප්‍රකාශකළේය.

No comments:

Post a Comment

Post Bottom Ad