රුසියානු ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ද නොමැකෙන චරිතයක් වූ ග්‍රීගෝරි යෙෆිමොවිච් රස්පුටින් හෙවත් රස්පුටින් ඝාතනයට ලක්වී වසර ගණනාවක් ගතවී තිබුණ ද ඒ ඝාතනය සිදුවූ අයුරු පිළිබඳව විවිධ මතිමතාන්තර පළවීම අදටත් සිදුවෙමින් පවතී. සුප‍්‍රකට රුසියානු ඔක්තෝබර් විප්ලවයට දස මාසකට පෙර එනම් 1916 දෙසැම්බර් මස 16 වැනිදා රස්පුටින් ඝාතනයට ලක්වී තිබිණි.
භක්තිමත් මුනිවරයකු ලෙස එකල රුසියාවේ ප‍්‍රකටව සිටි රස්පුටින් දේව බලයෙන් ලෙඩ රෝග සුව කරන්නෙකු ලෙස ද ප‍්‍රචලිතව සිටියේය. නමුත් එවකට පැවැති සාර් රජුගේ පාලනය අපකීර්තියට පත්කිරීමට කටයුතු කිරීම නිසා රස්පුටින් රාජ උදහසට ලක්වී තිබිණි. මේ අපකීර්තිය 1917 වසරේදී රෝමානු රාජවංශය රුසියාවෙන් අතුගා දමන්නට සමත්වූ බැව් පසුකාලීනව හෙළිදරව් විය. රස්පුටින් ඉතා ගුප්ත චරිතයක් විය. අනාගත වෘක්තවරයෙකු ලෙස පෙනී සිටීමට ආසාවෙන් පසු වූ රස්පුටින් පේන කියන්නෙකු ද විය. නමුත් ඇතැමුන් ඔහු උන්මත්තකයෙකු ලෙසද හැඳින්වූහ.
ඔහු කුඩාවියේදී ඔහුගේ පියාට අයත් ඉස්තාලයකින් අසරුවෙකු සොරකම් කරනු ලැබූ පුද්ගලයා සොයා ගැනීමට තරම් තීක්ෂණ බුද්ධියකින් යුත් හපනෙකු වූ බැව් කියැවේ. වයස අවුරුදු 18 දී ආශ‍්‍රමයක මාස කීපයක කාලයක් ගත කළ රස්පුටින් ආගමික යතිවරයෙකු ලෙස පෙනී සිටිමින් කුඩාවියේ සිට ඔහු සතු වූ විස්මිතවූ අනුන්ගේ සිත් කියැවීමේ කලාව ප‍්‍රගුණ කරමින් මිනිසුන්ගේ සිත් දිනා ගැනීමට සමත්විය.
අනතුරුව තහනම් කරනු ලැබූ එක්තරා ක‍්‍රිස්තියානි ආගමික කල්ලියකට බැඳී ඒ කල්ලියේ මතය ජනතාව අතර ව්‍යාප්ත කිරීමට ඔහු පෙරමුණ ගත්තේය. ආගම සහ ලිංගික ප‍්‍රබෝධය එකට බැඳුණු සිද්ධාන්තයක් බව ප‍්‍රචලිත කරමින් සෙසු පූජකවරුන්ගෙත්, පාලකයින්ගෙත් උදහසට ලක් වූ එම ක‍්‍රිස්තියානි කල්ලිය රස්පුටින්ගේ එක්වීමත් සමග ඉතා ශක්තිමත් ආගමික පසුබිමක් නිර්මාණය කිරීමට සමත්විය.මේ නීතිවිරෝධී සංවිධානයේ වැඩ කටයුතුවල නිරතවූ රස්පුටින් වැඩි කලක් ගතවීමට පෙර රුසියාවේ මතභේදාත්මක චරිතයක් බවට පත්විය.
ලිංගික ජීවිතයට මුල්තැන දුන් ආගමික කල්ලියේ සාමාජිකයකු වීමෙන් ලිංගික ජීවිතයට දැඩි ලෙස ළොල්වූ රස්පුටින් විසින් වරක් කන්‍යා සොයුරියක දුෂණයට ලක් කරනු ලැබුවේය. සිය අසීමිත ලිංගික ආශාවන් සම්පූර්ණ කර ගැනීමේ පිපාසයෙන් පෙළුණු රස්පුටින් ඇසුරු කළ කාන්තාවන් ප‍්‍රමාණය අතිවිශාලය. එකල රුසියානු සමාජයේ රස්පුටින් හඳුන්වනු ලැබුවේ ලිංගිකත්වයේ සංකේතය වශයෙනි. ඔහුගේ දෑස් තුළින් ගලාහැළුණු අනුරාගයෙන් වශී වූ සුරූපියන් රස්පුටින් සමග යහන්ගත වීමට පොර කෑ බැව් කියැවිණි.
රස්පුටින්ගේ අසාමාන්‍ය ලිංගික ජීවිතයත් ඔහු බැඳී සිටි නීතිවිරෝධී ආගමික සංගමයත් සාර් පාලනයට දැඩි හිසරදයක් වන්නට පටන් ගැනීමෙන් පසුව රස්පුටින්ගේ ජීවිතයට තර්ජන එල්ලවන්නට විය. පුරාවෘත්තයක් බවට පත්වූ රස්පුටින් ඝාතනය ඉතා සැලසුම් සහගතව දියත් කළ එකක් විය. රස්පුටින්ගෙන් රාජ්‍ය පාලනයට එල්ලවන බලපෑම ඉවත් කිරීමේ අරමුණෙන් වංශාධිපතිවරුන් පිරිසක් රස්පුටින් ඝාතනය කිරීමට තීරණය කළහ.
ෆීලික්ස් යුසුපොව් කුමරුගේ නායකත්වයෙන් යුතු මේ පිරිස රස්පුටින් යුසුපොව්ගේ මොයිකා මාලිගාවට කැඳවාගෙන ඒමේ වගකීම කුමරුගේ බිරිය වූ අයිරිනා කුමරියට පැවරූහ. මාලිගාවට පැමිණි රස්පුටින් සමග සුහදව කතාබහ කළ වංශාධිපතිවරු ඔහුට කේක් සහ සයනයිඞ් මිශ‍්‍රිත රතු වයින් පානය කිරීමට ලබාදුන්හ. නමුත් එය රස්පුටින්ගේ ජීවිතයට කිසිදු අයුරක බලපෑමක් එල්ල කිරීමට සමත්වූයේ නැත.
මින් කෝපයට පත් යුසුපොව් කුමරු සිය රිවෝල්වරයෙන් රස්පුටින්ට වෙඩි තැබුවේය. වෙඩි පහර වැදුණු රස්පුටින් බිම ඇද වැටුණු වහාම වංශාධිපති පිරිස මාලිගාව හැරදමා පිටවූ නමුත් යුසුපොව් කුමරුට සිය කබාය රැගෙන යාම සඳහා යළි මාලිගය තුළට පැමිමට සිදුවිය.
මාලිගය තුළට පැමිණි යුසුපොව් කුමරු රස්පුටින්ගේ සිරුර පරීක්‍ෂා කර බැලීමට සිතා ඒ අසලට පැමිණියේය. එකෙනෙහිම දෑස් විවර කොට කුමරු දෙස රවා බැලූ රස්පුටින් වහා පැන කුමරු බෙල්ලෙන් තමා වෙතට ඇද ගත්තේය. උඹ නරක කොල්ලෙක් රස්පුටින් යුසුපොව් කුමරුගේ කණට කෙඳිරුවේය.
කුමරුගේ පමාව නිසා මාලිගාව තුළට පිවිසි සෙසු පිරිස සිය සගයා ග‍්‍රහණයට හසුකරගෙන සිටින රස්පුටින් දැක භීතියට පත්වෙමින් තෙවරක්ම ඔහුට වෙඩි තැබූහ. බිම ඇද වැටුණු රස්පුටින්ගේ සිරුර පරීක්‍ෂා කර බැලූ පිරිසට ඔහු බීමත්ව සිටින බැව් අවබෝධවූ හෙයින් මුවහත් අසිපත් මගින් ඔවුහු රස්පුටින් කීපවරක් කපා දැමූහ.
රස්පුටින් මියගිය බැව් සැක හැර දැන ගැනීමෙන් අනතුරුව එම පිරිස ඔහුගේ සිරුර බුමුතුරුණු කීපයකින් ආවරණය කොට මාලිගාවෙන් පිටතට රැගෙන ගියහ. හිමෙන් මිදුණු නේවා නදිය වෙත රස්පුටින්ගේ සිරුර රැගෙන ආ පිරිස නදියට වීසි කළහ. නදියට වැටුණු රස්පුටින්ගේ සිරුර සෙලවෙන්නට වීමෙන් වංශාධිපතිවරු ඉමහත් කළබලයට හා භීතියට පත්වූහ.
ඒ වනවිටත් රස්පුටින් ජීවත්ව සිටියේය. ඔහු දෑත්, දෙපා දිගහැර බුමුතුරුණු මතින් මිදෙන්නට කළ වෑයම සාර්ථක වුව ද අවාසනාවකට දියේ ගිලී නොපෙනී ගියේය. දින තුනකට පසුව රස්පුටින්ගේ සිරුර ගොඩගනු ලැබූ අතර වස පානය කරනු ලැබීමෙන් අනතුරුව වෙඩි තබා ඉන් නොනැවතී කපා කොටා දැමූ රස්පුටින් ඇත්ත වශයෙන්ම මියගොස් තිබුණේ දියෙහි ගිලීමේ හේතුවෙන් බවට පසුව විවිධ මත පළවන්නට විය.
ඔහුගේ සිරුර දියෙන් ගොඩ ගත් මොහොතේ දෑත් දෙපසට විහිදී තිබූ අයුරෙන් ඔහු පිහිනීමට උත්සහ කළ බවක් දිස්වීම නිසාය. එපමණක් නොව ඔහුගේ පෙනහළු තුළ ජලය පිරී තිබීම හේතුවෙන් ඔහු දියෙහි ගිලූණු මොහොතේ හුස්ම ගනිමින් සිටි බවට ද කරුණු අනාවරණය වීමට පටන් ගත්තේය. රස්පුටින් ඝාතනයට ලක්වූයේ කෙසේද යන්න අදටත් අභිරහසක්ව පවතින බැවින් ඔහු ජීවත්ව සිටින කාලයට වඩා වැඩි කාලයක් ඔහුගේ මරණින් පසු ඔහු ගැන කතාබහට පාත‍්‍රවීම එක් අතකින් විමතිය දනවන සුළුය.
රස්පුටින්ගේ ජීවිතය අළලා චිත‍්‍රපට ගණනාවක් පසුකාලීනව නිර්මාණය විය. ඒ බොහෝ චිත‍්‍රපටවල රස්පුටින් චරිතයට වීරත්වයක් තබා තිබීම විශේෂයෙන් කැපී පෙනුණි. රස්පුටින් චරිතය අළලා ගීත කීපයක් දල වේදිකා නාට්‍ය ගණනාවක් ද කරළියට පැමිණි අතර රූපවාහිනිය භාවිතයට පැමිණිමත් සමග රස්පුටින් චරිතය රූපවාහිනී නාට්‍ය මාලාවන් ලෙස ද විකාශය විය.
ස්ත‍්‍රී ලෝලියෙකු ලෙස දැඩි කාමුක දිවි පෙවතක් ගත කරමින් සිටි රස්පුටින්ගේ ඝාතනය දේශපාලන ඝාතනයක් ද නොඑසේනම් ආගමික මූලධර්මවාදීන්ගේ ඝාතනයක් දැයි නිශ්චිත නිගමනයක් කළ නොහැකි වන්නේ ඔහු ගතකළ ගුප්ත දිවියෙන් ඔහුගේ චරිතය පිළිබඳවත් ඔහුගේ දර්ශනය පිළිබඳවත් කිසිදු අයුරක හෝඩුවාවක් හෙළිදරව් නොවීම හේතුවෙනි.
කෙසේ වෙතත් රජ පවුලේ මෙන්ම ආගමික නායකයන් අතරේ දැඩි සතුරෙකු බවට පත්ව සිටි රස්පුටින් කෙතරම් ස්ත‍්‍රී ලෝලියෙකු වුද කාන්තාවන් අතරේ නම් කිසිදු අයුරකින් සතුරෙකු බවට පත්වී සිටියේ නැත.ලෝකයේ සොයාගත් විශාලම ශිෂණයට හිමිකම් කීමටද ඔහුට වාසනාව ලැබී ඇත.
Sunday, June 5, 2016
කපා කොටා වෙඩි තැබුවත් මිය නොගිය ලෝක ඉතිහාසයේ ලිංගිකත්වයේ සංකේතය ග‍්‍රිගෝරි රස්පුටින්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment