ප්‍රකට පාතාලයෙක් පොලිස් රැහැනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

ප්‍රකට පාතාලයෙක් පොලිස් රැහැනට

පාතාල සාමාජිකයෙකු ලෙස ප්‍රකට රණසිංහ ආරච්චිගේ සංඛ ශිරන්ත නොහොත් බ්ලූමැන්ඩල් සංඛ ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු 2වනදා දෙමටගාඩදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සිදුකල විමර්ශනයකින් පසු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගත්තා.

පොලීසිය පවසන්නේ මෙම සැකකරුවන් සතුව තිබී ආයුධ තොගයක් ද සොයාගත් බවයි. මහේන් විජේවර්ධන, සනත් ප්‍රිදර්ශන, සුමුදු ප්‍රියංකර බණ්ඩාර, ජූඩ් ජයවර්ධන, ප්‍රසාද් රොහාන් පීරිස් යන සැකකරුවන් පස් දෙනා ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad