මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ මහතාට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අද(02)දහවල් 12.30ට පමණ මීගමුව නගර සභාව අසලදී සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැළඳ පැමිණි දෙදෙනෙක් පොල්ලකින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් තුවාල ලැබූ මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ මහතා මේ වන විට මීගමුව රෝහලේ 6වැනි වාට්ටුවට ඇතුළත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමින් ප්‍රෙඩී ගමගේ මහතා සඳහන් කළේ මීගමුව නියෝජ්‍ය නගරාධිපතිවරයාට සම්බන්ධ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට තමන්ට සැක පළවන බවයි.
පසුගිය කාලයේ දී නියෝජ්‍ය නගරාධිපති ලන්සා මහතා තමන්ට තර්ජනය කළ බවද ඔහු සඳහන් කළා.
Thursday, June 2, 2016
මහ දවල් 'මාධ්‍යවේදියාට' පොලු පහරක් - සැකය ලන්සා පසුපස!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment