අවුරුදු දෙක හමාරක පමණ සිඟිති දැරියක් කුලියාපිටිය බස් නැවතුම්පොළේ හැරගොස් සිටියදී වේලාසටහන් කරුවන් හා බස් රථ රියදුරන්ගේ දැනුම්දීම මත පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුගිය 30දා සවස 5 ට පමණ බස් නැවතුමේ වේලාසටහන් කරුවන් හා මගීන් තනිව හඬමින් සිටි බිළිඳිය දැක අනන්‍යතාව තහවුරු කරගැනීමට කොතෙකුත් ප‍්‍රශ්න ඇසුවත් සිඟිත්තිය මුනිවත රැක ඇත. පසුව උඩුබද්දාව ලංගම ඩිපෝවේ සේවය කරන කාන්තාවක් පැමිණ දැරිය සිය තුරුලට ගෙන හිස අතගා පෑ සෙනෙහසට දැරිය මදක් අවනත වී තිබෙනවා.
පොලිසියට රැගෙනගිය බිළිඳිය පිරිසිදුකොට ආහාරපාන ලබාදීමෙන් අනතුරුව තුරුලේ නිදන්නට ඥාති හිතවතුන්ගේ දොස් පරොස් මැද මව වන්නටද ඩිපෝ සේවිකාවක වූ එච්.ඞී.විනිප‍්‍රීඩා මහත්මියට සිදුවිය. මව හා දැරිය කවුද කොහේද යන්න හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි.
එ් පිළිබඳව තොරතුරක් වෙතොත් 0372281222 හා 0372281223 යන අංකයන්ට දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දැරිය අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත්කර තිබෙනවා.
Thursday, June 2, 2016
කුලියාපිටියේ බස් නැවතුමේ දමා ගිය මේ “මල් කැකූළ“ කාගේ කවුදැයි ඔබ දන්නවාද?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment