වාහන මිල ඉහල දැමීමේ හේතුව ජවිපෙ හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

වාහන මිල ඉහල දැමීමේ හේතුව ජවිපෙ හෙළි කරයි

වාහන මිල ඉහල දැමීමේ හේතුව ජවිපෙ හෙළි කරයි
රජය වාහන මිල ඉහල නැංවූයේ රටේ ඩොලර් නොමැති වීම නිසා බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (31) කොළඹදී පැවති ලංකා තැපැල් සේවා සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමිනි.

එහිදී ඔහු මෙසේ සඳහන් කළේය.

“දැන් රට වැටිලා ඉවරයි. මතක තියාගන්න වාහන මිල ඉහල දැම්මේ ඇයි රටේ කැටේ ඩොලර් නෑ. ජනතාව වාහන ගන්න එනකොට ගන්න ඕන ඩොලර් වලින්. ඩොලර් තියෙනටික වේගෙන් යනවා. වැඩියෙන් වැඩියෙන් වාහන ගන්නකොට. ගත්ත ණය ගෙවන්න ඩොලර් නැහැ. එතකොට මූල්‍ය අරමුදල කියන බැංකුවට ගිහිල්ලා කියනවා. 

අපිට කෙලවෙලා තියෙන්නේ දැන් අපි මැරෙනවා හුස්ම හිරවෙලා. හුස්ම ටිකක් ගන්න අපිට සපෝර්ට් එකක් දෙන්න.“ “කවුරු හරි හිතනවනම් මේ මහින්ද රාජපක්ෂ මහත්තයම මේ කැටේ සුද්ද කළා කියලා. ඒක බොරු. ජී 7 සමුළුවට ගිහිල්ලා ඇවිල්ලා වර්ණනාව. දැන් ලඟට ඇවිල්ලා කතා කළාම මේ කැටේට එනවා බඩු. මේ ජාත්‍යන්තර ගමන්වලින් එක දෙයක් කරනවා ණය ඉල්ලන එක.“ යැයි හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad