සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛණය අද (04) දින අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන්කළේ ඊයේ (03) සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකාබද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ය.
මෙම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛනය සකස් කිරීමෙන් අනතුරුව මතු වූ ගැටළුකාරී තත්ත්වය පිළිබඳව ජුනි මස 01 දින සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා එ් සම්බන්ධව අදහස් දක්වමින් කියාසිටියේ එම සාකච්ඡාව නම්‍යශීලිව හා සුබවාදීව පැවති බවත් වෛද්‍ය පත්වීම් ලේඛනයේ ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කර යළි සකස් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බවත් ය.
ඒ අනුව පසුගිය 02 සහ 03 යන දෙදින නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහභාගීත්වයෙන් යළි එම වෛද්‍යවරුන්ගේ ලැයිස්තුව සකස් කළ බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා නව පත්වීම් නිසා දිවයින පුරා වසා දමා තිබූ රෝහල් 37 ක් යළි විවෘත වෙන බව ද පෙන්වා දුන්නේය.
අදාළ පත්වීම්ලාභීන් දින 07ක් ඇතුළත සිය ඉල්ලීම් යොමු කිරීමෙන් පසු නව පත්වීම් ලබාදීම සිදු කෙරෙන අතර පශ්චාත් සීමාවාසික පත්වීම්ලාභීන් 1,065 කට ඉදිරියේ දී දිවයිනේ විවිධ පළාත්වල සේවය කිරිමට අවස්ථාව හිමිවන බව වාර්තා වේ.

No comments:
Post a Comment