සිංහලයාගේ බෞද්ධ උරුමය වු මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ගෞරවය කෙලසිමේ යහපාලන හා අන්තවාදි මුස්ලිම් කල්ලි එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එහි උච්චතම අවස්ථාව හෙට සිදුවිමට නියමිත බවත් මහනුවර සිංහලේ ජාතික බලමුළුවේ විශේෂ වාර්තාකරු සදහන් කළා.
ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේ තැන්පත් කර ඇති දළදා මන්දිරයට වඩා ඉහලින් සිටින සේ බලහත්කාරයෙන් ඉදිකරනු ලැබු මුස්ලිම් පල්ලියේ ලෝහමය ගෙඩිය හෙට සවිකිරීමට මුස්ලිම් අන්තවාදින් සුදානමින් සිටින බවත් ඒ සදහා විරෝධය දක්වන සිංහල බෞද්ධයන් මර්දණය කිරිම සදහා යහපාලන පොලිසිය මේ වනවිත් ආරක්ෂාව යොදවා සිටින බවද එම වාර්තාකරු සදහන් කළා.
නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය,මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ගේ මෙහෙයවිම යටතේ අදාල අන්තවාදි පල්ලිය සම්පූර්ණයෙන්ම ඉදිකිරිමට කටයුතු කර තිබේ.
පසුගිය අප්‍රියෙල් 4 වැනිදා අදාළ අන්තවාදි කුමන්ත්‍රණය අනාවරණය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් වහාම මෙම අන්තවාදි ක්‍රියාව වලක්වන ලෙසට මහා සංඝරතනය ඇතුලු වගකිවයුතු නිළධාරීන් දැනුවත් කලද බෞද්ධ සාශනයට තබ දොයිතුවක වැඩක් නොකල බෙදුම්වාදී රනිල්-සිරිසේන හවුල අදාල දැනුවත් කිරිම කමකට ගැනිමට කටයුතු කර නැති බවයි අනාවරණය වි ඇත්තේ.
මහනුවර පුජා නගරයේ නීතියට අනුව දළදා මාලිගාව ඇතුලු නගර සීමාව තුල සිදුකෙරෙන ඉදිකිරිම් සදහා නිෂ්චිත උස ප්‍රමාණයක් ඇති අතර අදාළ අන්තවාදි මුස්ලිම් පල්ලිය එම සිමාවවන්ද ඉක්මව ගොස් ඊට වඩා අඩි 23 ක් ඉහලට සකස් කර තිබේන බවයි වාර්තා වන්නේ.
පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ මෙම ඉදිකිරිම කිරිඅමට උත්සහ ගත්තද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් සම්පූර්ණයෙන් නතරකර දමා තිබු අතර පසුව යහපාලනය උදාවිමත් අමග කඩිමුඩියේ ඉදිකිරිම් අවසන් කල මෙම අන්තවාදි මුස්ලිම් පල්ලිය හෙට දවසේ එහි සංඛේතාත්මක මුදුන් හිස රවුෆ් හකිම්ගේ අනුදැනුම මත අද රාත්‍රීයේ හොර රහසෙම සවි කිරිමට කටයුතු සුදානම් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට යැවු ලිපියේ උපුටා ගැන්ම..
ශ‍්‍රී දළදා වහන්සේගේ ගෞරවය මුලික කරගනිමින් මහනුවර පූජා නගරය තුල දළදා මන්දිරයට ඉහලින් ගොඩනැගිලි තැනීම වළකාලීම පැවති සියලූම රජයන් හා නගර සභාවේ නීතිමය සම්ප‍්‍රදාය විය.
දැනගැනීමට ලැබී ඇති තොරතුරු මත මුස්ලිම් අන්තවාදී පිරිසක් විසින් (මහනුවර ගැටබේ යුද හමුදා කදවුර අසල ටයිල් මද්‍යස්තානය තුලදී සහ පිළිමතලාව පිත්තල කර්මාන්ත ආයතනයන් හිදී අත්තාල් මරික්කාර් යන අය ) මහනුවර බෝගම්බර හිරගෙදර , මද්‍යම වෙලදපල හා සිටි ප්ලාසා ගොඩනැගිල්ල අසල ඇති මුස්ලිම් පල්ලියේ කොටසක් අවසර ඇති ප‍්‍රමාණයට වඩා අඩි 23 ක් පමණ ඉහලට එසවීමට කටයුතු යොදමින් සිටී.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔවුන් මෙම උත්සාහය ගත් අතර සිංහල බෞද්ධයන්ගේ විරෝදය මත එය වලකාලනු ලැබීය. නැවත ඔවුන් එම ක‍්‍රියාවම සිදු කිරීමට උත්සාහ කළහොත් සිංහල මුස්ලිම් ගැටුමක් දක්වා එය වර්දනය වීම වළක්වාලිය නොහැකි වේ.
එහෙයින් සිංහල බෞද්ධයන් ගේ ලෝක බෞද්ධ උරුමයවන මහනුවර නගරයේ ශ‍්‍රී දළදා මාලිගාවට නිගාදෙන අයුරින් මුස්ලිම් අන්තවාදීන් හැසිරිය යුතුනොවේ. රටට ආගමට ආදරය ඇති බුද්ධපුත‍්‍රයන් වහන්සේලා සහ සබැ සිංහලයෝ තවදුරටත් නිහඩව නොසිටින බවද මෙම අන්තවාදී ක‍්‍රියාවට මුල්වෙන සහ උදව්දෙන සියලූම ගැත්තෝ මතක තියාගත යුතු බවද රට ආගම වෙනුවෙන් පණ වුවත් දීමට පෙළගැසී පරපුරක් සිටින බවද තරයේ අවධාරණය කරන්නෙමු.
අතීතයේදී පවා සිංහලයන්ට වලකැපුවේ පිට කොදු බිදගත් සිංහලයන් යැයි පවා කීමට ලැජ්ජා සහගතව හැසිරෙන නරියන්බව දේශමාමක සිංහලයෝ හොදින්ම දනී. “කාලෝ අයන්තේ”(මේ ඔබට කාලයයි) කැනහිලූන් හිවලූන් සුනකයන් තෝරා ඔවුන් ගැන තීරණයක් ගත යුතුය.
Saturday, June 4, 2016
සිංහල බෞද්ධයාට පයින් ගැසු සිරිසේන,රනිල් අන්තවාදින්ට දළදා වහන්සේත් පාවාදෙයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment