හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරිම ආරක්ෂක මණ්ඩලයතුල සාකච්ඡාකර ගත් තින්දුවක් නොවන බවත් එය සම්පූර්ණයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ තනී කැමැත්ත මත පමණක් ගත් තින්දුවක් පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
දිගින් දිගටම හිටපු ජනාධිපතිවරයාගේ හමුදා අරක්ෂාව ඉවත් කිරිම සම්බන්ධයෙන් මේ මොහොතේ විවිධ මත පැතිරයමින් තිබේන බවත් ඒම මතවලට අනුව රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය සමග වෛර බැදගන්නා බවත් ඇතැම් මුද්ගලයන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දුරකතනයෙන් කතාකොට ඉතාමත් දරුණු ආකාරයට බැණ වදින බවද අනාවරණය තිබේ.
ප්‍රථම වරට 2016 අප්‍රියෙල් 24 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරා සහ ශ්‍රීලනීප මෛත්‍රී පිල අතර පැවැති සාකච්ඡාවකදි අදාළ තින්දුව ගෙන ඇති අතර පසුව එම සතියේම පැවති කැබිනට් රැස්විමේදි එම තින්දුව දැනුම් දුන් අතර එය කැබිනෙට්ටුවේ සාකච්ඡා කර විසදුමක් ලබාගත හැකි ප්‍රශ්ණයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දිමෙන් පසුව එය ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරිමට කටයුතු කල බවත් ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ හමුදා ආරක්ෂාව අඩකින් ඉවත් කිරිමට තින්දුවක් පමණක් ගත් බවද ඔහු අනාවරණය කර තිබේ.
නමුත් සිරිසේන ජනාධිපතිවරයාගේ තනී කැමත්ත මත ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ හමුදා ආරක්ෂාව ඉවත් කිරිමට කටයුතු කර ඇති බවත් එය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරිමට කටයුතු කල අකාරය නිරික්ෂණය කලහොත් හොදින්ම දැන ගත හැකි බවද ඔහු පෙන්වාදි තිබේ.
ආරක්ෂක මණ්ඩලය හෝ කැබිනෙට්ට්ටුව කවර තින්දුවක් ගත්තද ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන අවශ්‍යතාව තිබුනේ නම් හෝ මහින්ද රාජපක්ෂ ආරක්ෂා කිරිමට අකමැත්තක් නොතිබුනේ නම් ඔනෑම මොහොතක මෙම තින්දු අත්හිටවිමට ඔහුට බලය තිබුන බවද ඔහු පෙන්වා දි තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදි එජාපය විශේෂ නිවේදනයක් නිකුත් කිරිමටද කටයුතු කරමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු සදහන් කර ඇත්තේ.
මහින්ද මළාත් මට මොකද? මෛත්‍රීපාල සිරිසේන
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම ගැන පැවිදි හඬ සංවිධානය ප්‍රධාන කොට ගත් සංවිධාන කිහිපයක් පෙරේදා (01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව එතුමාගේ නිල නිවසේදී හමුවී පැයකට අධික කාලයක් සාකච්ඡා කර ඇති අතර ජනාධිපතිවරයාගේ අදහස වී තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයාට ලබා දී ඇති හමුදා ආරක්ෂාව මුළුමනින්ම ඉවත් කිරීම බවයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආනන්ද හිමියෝ, මේ සියල්ල ගැන කොයිතරම් කරුණු කිව්වත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිත උණු වුණේ නැහැ. අපි ඇහුවා හමුදා ආරක්ෂාව අඩු කිරීම නිසා මහින්ද මහත්තයාගේ ජීවිතයට හානියක් වුණොත් ඔබතුමා වගකීම භාර ගන්නවාද කියලා. එතකොට මෛත්‍රීපාල මහත්තයා ගත් කටටම කිව්වේ මම මොනවටද ඒ වගකීම භාර ගන්නේ.
ඒ වගකීම ආරක්ෂක මණ්ඩලය භාර ගනීවි කියලා. ජනාධිපතිවරයා සමග කතා කරලා වැඩක් නැති බව අපට වැටහුණා. ඔහුත් සමග කතා කරන්න ගියාට අපි අපිටම මඩු වලිගයෙන් ගසා ගත යුතුයි. මහින්ද මහත්තයව රැක ගන්න ජනතා හමුදාවක් හදනවා. රටටත් මහින්ද මහත්තයාටත් ආදරය කරන පිරිසක් අපි ඒ හමුදාවට බඳවා ගන්නවා යැයි සඳහන් කළහ.
Saturday, June 4, 2016
මහින්ද මළාත් මට මොකද? මෛත්‍රී,මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරිම ජනපති තින්දුවක්!
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment