බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (03) වරෙන්තු නිකුත් කර සිටියේය.
ඒ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පැමිණිල්ල කැදවනු ලැබූ අවස්ථාවේදීයි.
පසුගිය පෙබරවාරි 6 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේදී ජගත් සංවිධානයේ මෙරට කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමට එරෙහිවයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.
අද පැමිණිල්ල කැදවන අවස්ථාවේදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න පැමිණි නොසිටීම හේතුවෙනුයි ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.
Friday, June 3, 2016
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර්ට වරෙන්තු නිකුත් කෙරේ.
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment