එංගලන්ත – අයර්ලන්ත එක්දින තරගාවලි සඳහා නියමීතැයි කියන සංචිතය මෙන්න. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

එංගලන්ත – අයර්ලන්ත එක්දින තරගාවලි සඳහා නියමීතැයි කියන සංචිතය මෙන්න.

එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියත්, අයර්ලන්තයට එරෙහිය පැවැත්වෙන එක්දින තරග දෙක සඳහාත් සුරාජ් රන්දිව් සහ ෆර්වීස් මහරුෆ් කැඳවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව සූදානම් වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

එක්දින සංචිතයකට සාමාන්‍යයෙන් ඇතුළත් කෙරෙන්නේ කී‍්‍රඩකයන් 15 දෙනකු පමණක් වුවද ඒ සඳහා මේ වන විට කී‍්‍රඩකයන් 17 දෙනකු පිළිබඳ සාකච්ජා කෙරෙමින් පවතී. පෞද්ගලික හේතු මත තිලකරත්න ඩිල්ෂාන් එක්දින තරගාවලියෙන් ඉවත් වීම නිසා ඩිල්ෂාන්ගේ ස්ථානය ධනුෂ්ක ගුණතිලකට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දැනගන්නට තිබේ.


මෙම කරුණු සම්බන්ධයෙන් තේරීම් කමිටු නිලධාරීන් සාකච්ඡාකර ඇතත් ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායම මේ දක්වා නිල වශයෙන් නම්කර නැතැයිද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් කියැවේ.


ආරංචි මාර්ග අනුව එක්දින තරගාවලිය සඳහා තෝරා ගැනීමට වඩාත්ම ආසන්න ශී‍්‍ර ලංකා සංචිතය..

 
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, උපුල් තරංග, දසුන් ශානක, ෆර්වීස් මහරුෆ්, සචිත් පතිරණ, සුරාජ් රන්දිව්, සීකුගේ ප‍්‍රසන්න, ශමින්ද එරංග, නුවන් ප‍්‍රදීප්, සුරංග ලක්මාල් සහ චමින්ද බණ්ඩාර

No comments:

Post a Comment

Post Bottom Ad