ආර්ථික අමාත්‍යධුරය සහ මහා බැංකු අධිපති තනතුරු සම්බන්ධයෙන් වු ඉතාමත් තිරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රිලනිප මෛත්‍රී පිළේ ප්‍රභලයන් කිහිප දෙනෙකු මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ හා මලික් සමරවික්‍රම අතර මෛත්‍රීගේ නිළ නිවසේ පැවැත්වු බව එම පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරනය කළා.
මෙම සාකච්ඡාව සදහා රාජපක්ෂ රජය සමයේ ආර්ථික සම්බන්ධයෙන් තින්දු තිරණ ගත් අයෙකුගේ උපදෙස් හා නිර්දේශ කිහිපයක්ද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර ඔහු කවුරුන්ද යන්න තමන්ගෙන් විමසිමෙන් වලකින ලෙසද දන්වා තිබේ.
මිට අමතරව වරාය සහ නාවික අමාත්‍යා අර්ජුන රණතුංගගේ අමාත්‍යාංශය වෙනස් කිරිමටද සාකච්ඡා වි තිබේන අතර රවි කරුණානායක,අර්ජුන් මහේන්ද්‍ර,අර්ජුන රණතුංග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කලකිරිමෙන් යුතුව කතාකර ඇති අතර ආර්ථික අමාතංශයේ වගකිම රනිල් වික්‍රමසිංහ මහතාට හෝ මලික් සමරවික්‍රම මහතාට භාර ගන්නා ලෙසට ජනාධිපතිවරයා ඉල්ලිමක්ද කර තිබේ.
මේ අතර මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත එම ධුරයට පත් නොකරන්නැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමුකර ඇති ලිපිය සම්බන්ධයෙන්ද එහිදි ජනාධිපතිවරයා සිය කණ්ඩායමේ අවධානය යොමුකර ඇති අතර ඉදිරියේ දී නිල කාලය අවසන් වන මහ බැංකු අධිපතිවරයා තවදුරටත් තියා ගන්නේද?
නැද්ද යන්න ඉක්මනින්ම සාකච්ඡා කර තින්දුවක් ගන්නා ලෙසට ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට නියෝග කල බවද ඔහු සදහන් කළා. මේ අතර වරාය සහ නාවික අමාත්‍යාංශයේ වගකිම් පැවරිම සදහා කෙනෙකු දින දෙකක් ඇතුලත සාකච්ඡා කර යෝජනා කරන ලෙසද ජනපති එම කණ්ඩායමට දන්වා තිබේ.
Wednesday, June 1, 2016
මුදල් අමාත්‍යංශය රනිල් යටතට! අර්ජුන වරායෙන් දොට්ට
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment