කපල් එකක් ලිමොසින් එක ඇතුලෙ මධුසමය ගත කරද්දි රියදුරා හොරාට වීඩියෝ කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

කපල් එකක් ලිමොසින් එක ඇතුලෙ මධුසමය ගත කරද්දි රියදුරා හොරාට වීඩියෝ කරලා

අලුත විවාහ වුණු යුවළක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සංචාරයක නිරත වී තිබෙනවා. එහිදි ඔවුන් ඊට යොදාගෙන තිබුණේ සුඛෝපභෝගී ලිමෝසීන් මෝටර් රථයක්. මේ යුවළ ඉන්දියානු තරුණ යුවළක්.

ඩුබායි නගරයේ ලස්සන බලන ගමන් මේ යුවළ වාහනය ඇතුලෙම මධුසමය ගතකරලා. ඔවුන් මධුසමය ගතකරන ආකාරය රියදුරා වීඩියෝ කරලා තිබුණෙ හොරෙන් කැමරාවක් දාලා.

මේ සිද්ධියෙන් පස්සේ දවසක් ලිමෝසින් මෝටර් රථයේ රියදුරා එම තරුණයාට WhatsApp හරහා ඔවුන් මධුසමය ගත කළ වීඩියෝව යවලා තියෙනවා ඩිරාම් 2000 ක කප්පම් මුදලක් ඉල්ලා තිබුණේ වීඩියෝව අන්තර්ජාලයට මුදා හරින ලෙස තර්ජනය කරමින්.

මින් දැඩි ලෙස කෝපයට පත්වුනු ඉන්දියානු තරුණයා ඩුබායි පොලීසියට මේ ගැන දැනුම් දීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වුනු පොලීසිය අත්අඩංගුවට ගත් රියදුරාගෙන් මේ ගැන ප්‍රශ්න කරලා.

එහිදි රියදුරා පවසා ඇත්තේ තමන් රහසිගත කැමරාවකින් මධුසමය වීඩියෝ කළ බවයි. කෙසේ වෙතත් අවසානයේදි ඒ රියදුරාට වුුනේ අධිකරණය හමුවේ එම තරුණ විවාහක යුවළට ඩිරාම් 2000ක මුදලක් ගෙවීමටයි.

No comments:

Post a Comment

Post Bottom Ad