නැගෙනහිර මහ ඇමතිට එරෙහිව ඇඹිලිපිටියේත් උද්ඝෝෂණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

නැගෙනහිර මහ ඇමතිට එරෙහිව ඇඹිලිපිටියේත් උද්ඝෝෂණ

නැගෙනහිර මහ ඇමතිට එරෙහිව ඇඹිලිපිටියේත් උද්ඝෝෂණ
ඇඹිලිපිටිය නගර මධ්‍යයේ අද (01) පෙරවරුවේ දී ජනතා විරෝධතාවක් පැවති බව වාර්තා වේ.
ඒ නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා නාවික හමුදා නිළධාරීවරයෙකු අපහසුතාවයට පත්වන අාකාරයෙන් ක්‍රියාකිරීමට විරෝධය දක්වමිනි.

ඇඹිලිපිටිය නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දමා 1000කට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ නියැලුණු බව වාර්තා වේ. නගරයේ ව්‍යාපාරිකයින්, ඇතුළු පිරිසක්  මහා සංඝරත්නය පෙරටු කර ගනිමින් ඇඹිලිපිටිය නගරය මැදින් පා ගමනින් මොරකැටිය මංසන්ධියට ගොස් යළි අැඹිලිපිටිය බස් නැවතුම්පොල අසලටවිත් විරෝධතාවයේ නිරත වී තිබේ.

නසීර් අහමඩ් ඇමතිවරයා ප්‍රසිද්ධියේ සමාව ගතයුතු බවත් ජනාධිපතිවරයා විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කළ යුතු බවත් මොවුන්ගේ විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම් විය. මෙම අවස්ථාවට ඇඹිලිපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් පූජ්‍ය ඉත්තදෙමලියේ ධම්මසිරි හිමි, රන්නේ ඉන්දසාර හිමි, ඉබුල්ලේ සෝමසාර හිමි ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් සහභාගී වී තිබේ.

ඇඹිලිපිටිය - ප්‍රගීත් ජනක

No comments:

Post a Comment

Post Bottom Ad