කරදියානේ තවත් කුණු කන්දක් - අළුතින් ඉදිකරන ශික්ෂණ රෝහලත් ඒ අසල   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

කරදියානේ තවත් කුණු කන්දක් - අළුතින් ඉදිකරන ශික්ෂණ රෝහලත් ඒ අසල  

හඳුනා නොගත් විස බීජ ද පාරිසරික ගැටලු රැසක් ද ඇතිකරන බව කියන අක්කර 37ක් පුරා පැතිරුණු කරදියාන කුණු කන්ද එතැනින් ඉවත් කළ යුතු බව ප්‍රදේශවාසීහු පවසති.

මීතොටමුල්ලේ නායගිය කුණු කන්ද අධිකරණ අවසරයෙන් කරදියානට දින හතකදී රැගෙන ඒම සහ වැසි සහිත කාලගුණික තත්වය සමග කරදියාන කුණු කන්දේ දුඟඳ කිහිප ගුණයකින් ඉහළ යාම සිය නිවෙස්වල මැසිමදුරු උවදුරද වැඩි වීමට හේතුව ඇතැයි ඔවුහු පවසති.

වේරහැර ගංගාරාම විහාරයට පසුගියදා ඒකරාශිවූ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මේ හේතුවෙන් ඇති වී ඇති ගැටලු සාකච්ඡා කළ අතර කරදියාන කුණු කන්ද නිසා සිය දරුවන්ගේ ජීවිත අනතුරේ වැටී ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

පලාත් පාළන ආයතන නවයකින් පමණ කරදියානට කසල බැහැර කෙ‍රෙන බව සඳහන් කරන ප්‍රදේශවාසීහු කසළ අංඟනය අසලින් ගලා බසින බොල්ගොඩ ජලාශයද අධික ලෙස දුෂණය වීම නිසා දුර්ලබ මත්ස්‍ය වර්ග විසිතුනක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇතැයි ද කියති.

මේ අතර සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය වේරහැර ඉදිකෙරෙන ශික්ෂණ රෝහල කරදියාන කුණු කන්දේ සිට මීටර් පන්සියක පමණ දුරින් පිහිටා තිබේ. රුපියල් මිලියන 2600 වියදමින් ඉදි කෙරෙන මෙම ශික්ෂණ රෝහල එහි  ශල්‍යාගාර, පිළිකා ඒකක, දැඩිසත්කාර ඒකක සහ අතිනවීන පහසුකම් ද වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad