කිලී මහරාජාගේ මාධ්‍ය හෙංචයියෙකු වන පුරවැසි පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට යහපාලන ආණ්ඩුවේ ඉහල තනතුරක් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එවන පණිවිධ සියල්ලම බල්ලාට දමා ඇති බව ජනාධිපති මන්දිරයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කලා.
දෛනිකව කිලී මහරාජාගේන් සිරිසේන ජනාධිපතිවරයාට පණිවිඩයක් බැගින් එවමින් ඉතා ඉක්මනින්ම ජේ. ශ්‍රී රංගාට ආණ්ඩුවේ පිළිගත් තනතුරක් ලබදිමට කටයුතු කරන ලෙසට ඉල්ලා තිබුනද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කිළී මහා රජා අතර පවතින නයි-මුගටි වෛරය හේතුවෙන් රංගාට ආණ්ඩුවේ තනතුරක් ලබාදිමට මෛත්‍රීට නොහැකි වි ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
පසුගිය මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා නොලැබුණු රංගා කීළීගේ බලපෑම මත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට රිංගා ගත්තද පාර්ලිමේන්තුවට එමට තිබු අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහාතාගේ නියෝග මත නතර වුනා.
මාධ්‍ය කලාවට පැමිණි රංගා පසුව මහරාජා ආයතනයට සම්බන්ධ වූ අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ කටයුතු කරමින් සිටියදී පවා මහරාජා ආයතනයේ මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළ අතර ඔහු කිලී මහරාජාගේ දේශපාලන හෙංචයියන්ගෙන් කෙනෙකි.
කීලී මහාරාජාට හිතවත් අයෙකු ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස පත්කර ගැනිම හරහා සිරස ඇතුලු මහාරාජා මාධ්‍ය එකාධිකාරයක් රටේ ගොඩ නැගිම සහ ඒ හරහා වසර දෙකක් යන විට රනිල් වික්‍රමසිංහ අගමැති කමින් පන්නා දමා කීලීට නැටවිය හැකි සජිත් ප්‍රේමදාස වැන්නේකු රටේ අගමැති ලෙස පත්කර ගැනිම සදහා රාජා මහේන්ද්‍රන් මෛත්‍රීපාල සිරිසේන සමග පසුගිය සමයේ ඩිල් කිරිමට උත්සහ කලද ඒ සියල්ල අසාර්ථක වුනා.
Thursday, June 2, 2016
කිලීගේ පණිවිඩ මෛත්‍රී බල්ලාට දමයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment