15 හැවිරිදි දැරියක් දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව අමානුෂික ලෙස මරා දමා තිබියදී හමු වී ඇත. ඇය පාසලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක්වන අතර මෙම ස්ත්‍රී දූෂණයට සහ ඝාතනයට සැකපිට ඇගේ පෙම්වතාව සිටි තරුණයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ තරුණයා ද 15 හැවිරිදි වියෙහි පසු වේ. දැරිය දූෂණය කරන අතරතුර ඇයව ඝාතනය කිරීමට සුළු මොහොතකට පෙර ඝාතකයා විසින් ලබාගත් බවට ඔප්පු වී ඇති ජංගම දුරකතන වීඩියෝවක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඇගේ පෙම්වතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
එම වීඩියෝවේ ඇය “අනේ මට මැරෙන්න බැහැ” ('I don't want to die') යනුවෙන් පවසා තිබෙන අතර එය ඇගේ ජීවිතයේ අවසාන වචන කිහිපය බව මාධ්‍ය වාර්තා කරයි. දැරිය අතුරුදන් වූ දින පාසැල් නොගොස් තමා සමග එන්නැයි ඇගේ පෙම්වතා විසින් දැරියට බල කළ බව ද සාක්ෂි සටහන් ඔස්සේ අනාවරණය වී තිබේ.
එමෙන්ම අදාළ දැරිය පෙම්වතා සමග ආපනශාලාවකට ඇතුළු වී එයින් පිටව යන ආකාරය ද එම ආපනශාලාවේ CCTV කැමරා පද්ධතියේ සටහන් වී තිබේ. දැරියගේ මළ සිරුර අතහැර දමා තිබූ නිවසක තිබී පසුගිය දා හමු වූ අතර පසුව සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇයව දූෂණය කොට මරා දමා ඇති බව යි.
අදාළ පාළු නිවසේ මුළුතැන්ගෙයිහි ඇගේ මළ සිරුර සඟවා තිබී ඇත. මෙම සිදුවීම අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූවකි.
වීඩියෝව පහතින්...
Thursday, June 2, 2016
අවුරුදු 15ක ලස්සන කෙල්ලෙක්ට අපාගත වෙන වැඩක් කරපු වනචර පෙම්වතා (Video)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)








No comments:
Post a Comment