හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා අද (02) දිනයේ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණද ඔහු ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබේ.
ඒ අනුව හිටපු භාණ්ඩාගාර ලේකම්වරයාට ලබන 10 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇත. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා මග නැගුමේ රුපියල් දහතුන් කෝටියක මුදලක් ලබාදීමට අනුමැතිය පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහුට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අභ්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. එහිදී අදාළ ගුවන් ගමන් සම්බන්ධයෙන් මුදල් ලබාදුන් අවස්ථා පිළිබඳ විවිධ තොරතුරු වාර්තාවී ඇති අතර, ඉන් එක් අවස්ථාවක් ලෙස මග නැගුම ව්‍යාපෘතියෙන් මුදල් ලබාදීම පිළිබඳ චෝදනා එල්ල වී ඇත.

No comments:
Post a Comment