ජනමාධ්‍ය හා ජඩ මාධ්‍ය ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

ජනමාධ්‍ය හා ජඩ මාධ්‍ය ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්

ජනමාධ්‍ය හා ජඩ මාධ්‍ය ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක් (VIDEO)
මේ වනවිට ලංකාව තුළ මාධ්‍ය වර්ගීකරණය වී ඇති බවත් එක් වර්ගයක් ජඩ මාධ්‍ය වන අතර අනෙක් වර්ගය ජනමාධ්‍ය වන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකළේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව සති අන්ත පුවත්පතක් වන දිවයින පුවත්පතේ පළ කර තිබූ පුවතක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඊයේ (09) පුවත්පත් පැමිණිලි කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ය. 

එමෙන්ම රටේ ජනතාව ගරුකරන මාධ්‍යවේදීන් පිරිසක් සිටින බවත් මාධ්‍යවේදීන් නොවන ජඩ මාධ්‍ය වල හිඳිමින් කුලියට ලියන වාර්තාකරුවන් පිරිසක් සිටින බවත් පැවසූ ලාල් කාන්ත මහතා මේ වන විට එම ජඩ මාධ්‍ය කාලාවේ නායකයා බවට දිවයින පුවත්පත පත්ව ඇති බවත් කියාසිටියේ ය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ හොඳ ශ්‍රේෂ්ඨ කතුවරුන් යටතේ  දිවයින පුවත්පත එක්තරා යුගයකදී වගකිවයුතු කාර්යභාරයක් ඉටුකළ බවත් එයට ගරුකරන පාඨකයින් පිරිසක් තවමත් සිටින බවත් යළි දිවයින පුවත්පත පාඨකයින් අතර පිළිගැනීමක් සහිත පුවත්පතක් බවට පත්වීමට නම් එහි ප්‍රධාන කතෘ වන අනුර සොලමන්ස් මහතා ඇතුළු කල්ලිය ඉන් ඉල්ලා අස්විය යුතු බවත්ය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශකළේ තම පක්ෂය විසින් දිවයින පුවත්පත කළ අසත්‍ය පුවත් වාර්තාකරණය සම්බන්ධව පළමුව මාධ්‍ය සාකච්ඡාවක් ද, දෙවනුව පුවත්පත් පැමිණිලි කොමිසම වෙතට පැමිණීම ද සිදුකළ බවත් ඉදිරියේ දී අධිකරණය වෙත යෑමෙන් නොනැවතී ජනතා අධිකරණය වෙත ගොස් ඉන් තීන්දුවක් ද ගන්නා බවත් ය.

No comments:

Post a Comment

Post Bottom Ad