බදු බල නොපාන ක්ෂේත්‍රයක් ලෙස නම් කොට ඇතත් දුරකතන බිල්වලට 15%ක වැට් බදු පනවා තිබීම නීති විරෝධී බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මේ නිසා පාරිභෝගිකයෙකු ලෙස ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යා හැකි බවයි වීරවංශ මහතා පවසා සිටියේ. ඒ මහතා මේ බව පැවසූවේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (06) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවක් අතරතුර දී ය.
මේ අතර බල්ලන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් හරහා ද බදු අයකිරීමට ආණ්ඩුව තැත් කරන බවට ද වීරවංශ මහතා චෝදනා කළේ ය.
සුද්දාගේ බදු නැවතත් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියා කරන බවත්, කලක් ගත වෙද්දී ඇඟ බද්ද, කොණ්ඩ බද්ද ආදී බදු ද ආ හැකි බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment